Monday, October 21, 2024

General line - 0115112241

පූක්කුලමේ පරිසර හානියක් සිදුව ඇත්නම් ඇමති කමෙන් යනවා




තම මැදිහත්වීමකින් පූක්කුලම ප‍්‍රදේශයේ පරිසර හානියක් සිදුව ඇති බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා. 
පුත්තලම ප‍්‍රදේශයේ  අද (26) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 
පූක්කුලම කිසිඳු පරිසර හානියක් සිදුව නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත කලාපය තුළ පිහිටි පූක්කුලම් සහ අවට ධීවර ගම්මානවල ස්ථිර නිවාස ඉදි කර ඇති බවටයි රාජ්‍ය අමාත්‍යවරයාට එල්ල වන චෝදනා වන්නේ. 
පරිසර සංවිධාන කිහිපයක් එක්ව අද (26) පැවත්වූ මාධ්‍ය හමුවකදී පරිසරවේදීන් මෙම චෝදනාව එල්ල කළා.