Monday, October 21, 2024

General line - 0115112241

'පිරිමිම තරග කරලා පිරිමිම ජය ගනී' - කාන්තාවන් සභාවට ගේන්න වෙන හැටි කොමිසම කියයි

තරංග රුක්ෂාන් ජයසේකර




මෙවර පළාත් පාලන ඡන්ද විමසිමේදී ඡන්ද පොළේ ආරක්ෂාව වෙනුවෙන් නව ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති මහින්ද දේශප‍්‍රිය පැවසුවේ ප‍්‍රජාව මගින්ම තම ඡන්ද පොළ ආරක්ෂා කරන ක‍්‍රමයක් මෙලෙස ක‍්‍රියාත්මක කරන බවයි. 

ඡන්ද ප‍්‍රතිපල අනුව, තේරී පත්වන අපේක්ෂකයන් ප‍්‍රකාශයට පත් කිරීමට දින කිහිපයක් ගතවන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවා. 

එහිදී ඔහු සඳහන් කළේ "කොමිසන් සභාවට බරපතල වගකීමක් පැවරෙනවා සියයට 25 හේ කාන්තා නියෝජනය සහතික කරන්න. බොහෝ පළාත් සභාවල ඒක සහතික කරන්න බැරි වෙයි..පිරිමම තරග කරන අය ජයග්‍රහණය කරලා තිබුණොත්...එක පක්ෂයකටවත් සියයට 25 කාන්තා නියෝජනය ගන්න බැරි වෙයි. හැබැයි සභා දුවන්න පුළුවන්.. මේ නිසා අපිට නිශ්චිතව තේරී පත්වෙන සභිකයෝ කවුද කියන එක ප්‍රකාශ කරන්න වෙන්නේ ජාතික ලයිස්තුව ප්‍රකාශ කරනවා වගේ තමයි. ඒ වගේ යම් කාලයක් ගිහිල්ලා තමයි කියන්න වෙන්නේ." යනුවෙනි. 

කාන්තා නියෝජනය සියයට 25ක් සහතික කිරීම වෙනුවෙන් කොමිසම ක‍්‍රියා කරන ආකාරය ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙලෙස පැහැදිලි කළා. 

එහිදී ඔහු සඳහන් කළේ "තරග කරන කාන්තාවන් ජයග්‍රහණය කළොත්..ඒ කාන්තාවන්ගේ ජයග්‍රහණය ඔවුන්ටත් වඩා අපේක්ෂා කරන්නේ.. මැතිවරණ කොමිසන් සභාවයි. මොකද අපි තමයි සහතික කරන්න ඕනේ සියයට 25 නියෝජනය ගැන. කොළඹ 110න් කාන්තාවන් 27 දෙනෙක් ඇතුළේ ඉන්න ඕනේ. ඒ ගණන් හැදිල්ල කාටවත් උගන්වන්න පුළුවන් එකක් නෙමෙයි." යනුවෙන්ද සඳහන් කළා.