Monday, October 21, 2024

General line - 0115112241

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍ර ප්‍රශ්නයට කොමසාරිස් පිළිතුරු ලියයි




මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රය සංකීර්ණ බවත් ඉන් සිසුන් දැඩි අපහසුතාවයට පත්වූ බවත් පසුගිය දිනවල දැඩි කතබහක් ඇතිවූණා. හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ සම්බන්ධයෙන් දැඩිලෙස විවේචනය කළා. තවත් පාර්ශව කිහිපයක්ම මේ සම්බන්ධයෙන් තම විවේචනය කළා.

ඒ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

උපුටා ගැනීම

"මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ දී සිසුන්ට දුෂ්කරතා මතු වූ බවක් ඇතැම් මාධ්‍යවලින් අනාවරණය කර තිබුණි. මෙම තත්වය යටතේ සිසුන්ට සාධාරණයක් ඉටු කිරීමේ අපේක්ෂාවෙන් මේ පිළිබඳ අදාළ ප්‍රශ්න පත්‍ර සැකසුම් මණ්ඩලය සමඟ ප්‍රධාන පරීක්ෂකවරුන් සහ පාසල්වල ගණිතය විෂයය උගන්වනු ලබන ගුරුවරුන් ඇතුළු ව 20ක් පමණ වූ කණ්ඩායමක් සමඟ සමාලෝචනයක් කරන ලදී.

විභාගයක් අවසානයේ දී සිදුකරනු ලබන පාලක උත්තර පත්‍ර ලකුණු කිරීමේ වැඩසටහන යටතේ මෙවැන්නක් සෑම විෂයයක් සඳහා ම යොදාගනු ලැබේ. මෙහි දී උත්තර පත්‍ර සාම්පලයක් පරීක්ෂා කිරීම ද සිදුවේ. ඒ අනුව ගණිතය විෂයය සඳහා වැඩි උත්තර පත්‍ර සංඛ්‍යාවක්, සාම්පලයක් ලෙස ලබාගෙන පරීක්ෂාවට ලක්කරන ලදී. මෙහි දී අනාවරණය වූයේ මෙම ප්‍රශ්න පත්‍රයේ අපේක්ෂකයන්ට සමත් ලකුණු ලබාගැනීමට දුෂ්කර වී ඇතැයි නිගමනය නොවන බවයි.

එහෙත් ප්‍රශ්න කිහිපයක අවසාන කොටස් පමණක්ල හේතු දැක්වීම සහ ගැටළු විසඳීම වැනි ඉහළ මට්ටමේ කුසලතා පාදක කොට සකස් වී ඇති බැවින් ඇතැම් සිසුන්ට එම ප්‍රශ්නවලට සම්පූර්ණ ලකුණු ලබාගැනීම තරමක් දුෂ්කර වීමට ඉඩ ඇති නමුත්, ඉහත තත්වය යටතේ ලකුණු දීමේ පටිපාටියේ අවශ්‍ය සංශෝධන සිදුකර සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි උත්තර පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය සිදුකිරීමට පියවර ගෙන ඇත."

බී සනත් පූජිත

විභාග කොමසාරිස් ජනරාල්