Monday, October 21, 2024

General line - 0115112241

5 සමතුන්ට ජනප්‍රිය පාසල් නැද්ද? අභියාචනා භාරගැනීම 15දා ඇරඹෙයි!




2017 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම අනුවල  2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා පාසල් ඉල්ලුම් කිරීමට අදාළ ව අභියාචනා භාරගැනීම 2018-01-15 දින සිට 2018-02-15 දක්වා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අදාළ ඉල්ලුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, විධිමත් ව සම්පූර්ණ කරන ලද අභියාචනා අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් කටයුතු ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයට එවීමට කටයුතු කළ යුතුබයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.