Monday, October 21, 2024

General line - 0115112241

ප‍්‍රාදේශීය මාධ්‍යවේදින් දෙසට ජනපති ඇස යොමුවේ




ප‍්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටළු පිළිබද සොයාබලා ඊට ලබාදිය හැකි විසදුම් පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයින් අතර අද (27) පැවති සාකච්ඡාවකදීයි.

එම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මෙම කමිටුවට රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරයාද ඇතුළත්. එම කමිටුව අදාළ වාර්තාව මාස 3 ක් ඇතුළත ලබාදිය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නේ.

මෙම සාකච්ඡාවේදී ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වැටුප් සහ දීමනා පිළිබද ගැටළු මෙහිදී අවධානයට ලක් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.