Monday, October 21, 2024

General line - 0115112241

STF එකත් එක්ක වෙඩි තබාගත් මන්ත්‍රීගේ ඉල්ලීමට මහේස්ත්‍රාත් අනුමැතිය

ටෝනි කරුණනායක - ගම්පහ




දිවුලපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරතව සිටින එක්සත් ජාතික පක්ෂ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූ ජනවාරි මස 09දා පැවැත්වෙන පළාත් සභාවේ මාසික රැස්වීමට සහභාගී වීම සඳහා අධිකරණයේ අවසර පැතුවා. ඒ අද ඔහු ඇතුළු සැකකරුවන් 11 දෙනා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේදීය.

ඔවුන් ලබන මස 9 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කිරීමට නියමකළ මහේස්ත්‍රාත්වරිය, මිගමුව බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ අදාල සැකකරු පළාත් සභා සැසිවාරය සඳහා සහභාගීකරවීමට කටයුතු කරන ලෙසයි.