Monday, October 21, 2024

General line - 0115112241

උසස් පෙළින් සරසවි වරම් ලැබූ සිසුන් මෙන්න - විභාග ප්‍රතිඵල දැනගන්න මෙතැනින් පිවිසෙන්න (UPDATE)




2017 උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 253,483 දෙනෙකු අතරින් 163,104කට සරසවි වරම් හිමිවනු ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

(එම විස්ථර පහතින් දැක්වෙයි)

-----------------------------

උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල දැනගන්න මෙතැනින් පිවිසෙන්න (UPDATE)

(28-12-2017 05:14)

 

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) අලුයම  නිකුත් කෙරුණා.

www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල බලාගත හැකියි.

(උසස් පෙළ ප්‍රථමයන් දැනගන්න මෙතැනින් පිවිසෙන්න)

--------------------------------

උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල හෙට අලූයම

(27-12-2017 17:46)

 

මෙවර පැවති උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල හෙට අලූයම නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත නෙත් නිවුස් වෙත කියාසිටියා. www.doenets.lk/exam/ වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙවර පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප‍්‍රශ්න පත‍්‍රයේ ඇතැම් ගැටළුවලට ලකුණු ලබාදීමේ පටිපාටිය සංශෝධනයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඇතැම් දේශපාලනඥයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් මීට පෙර ප‍්‍රකාශ කළේ ගණිතය ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලිවීමේදී සිසුන්ට දුෂ්කරතා මතු වූ බවයි. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් කරුණු විමසා සිටියා. ඊට අදාළව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ගණිතය ප‍්‍රශ්න පත‍්‍ර සැකසුම් මණ්ඩලය ඇතුළුව විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමාලෝචනයක් සිදුකළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි උත්තර පත‍්‍ර ඇගයීම් කි‍්‍රයාවලියේදී ගණිත ප‍්‍රශ්න පත‍්‍රයේ ඇතැම් ගැටළුවලට ලකුණු ලබාදීමේ පටිපාටිය සංශෝධනයක් සිදුකළ යුතු බව එම කමිටුව තීරණය කර තිබෙනවා.