Monday, October 21, 2024

General line - 0115112241

ඡන්ද පොළට ආරක්ෂාව දෙන අලුත්ම ක්‍රමය මෙන්න




මෙවර පලාත් පාලන ඡන්ද විමසිමේදී ඡුන්ද පොළේ ආරක්ෂාව වෙනුවෙන් නව ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශප‍්‍රිය පැවසුවේ ප‍්‍රජාව මගින්ම තම ඡන්ද පොල ආරක්ෂා කරන ක‍්‍රමයක් මෙලෙස ක‍්‍රියාත්මක කරන බවයි. 

පොලිසියේ දෙන්නයි ජංගම පොලිස් රථ අමතරව සහයෝගයට ප්‍රජාවෙන් දෙදෙනෙක් ලබා දෙන්න යැයි සභාපතිවරයා මෙහිදී ඉල්ලා සිටියා. කෙසේ වෙතත් විශේෂ කාර්ය බලකාය යොදවන බවද ඔහු සිහිපත්කළා. ජනතාව සාමකාමීව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි සභාපතිවරයා මෙහිදී විශ්වාසය පල කළා.