Monday, October 21, 2024

General line - 0115112241

උතුරු කොළඹින් කැපුණු අපේක්ෂකයා ! මැතිවරණය දා කරන දේ කියයි




එක්සත් ජාතික පක්ෂයේ උතුරු බොරැල්ල කොට්ඨාසයේ සංවිධායක ජේ එච් යූ පුෂ්පකුමාර අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එ් කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවෙන්  තමන් ඉවත් කර ඒ වෙනුවට වෙනත් අයෙකුගේ නම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව පවසමින්. 

අවසාන පැය කිහිපය තුළත් තමා ලයිස්තුවේ සිටි බව පවසන ඔහු වංචනික ලෙස තමාගේ නම් ඉවත්කර වෙනත් අයෙකු ඒ සඳහා නම් කර ඇතැයි පවසනවා. ජනප්‍රියත්වය ඇත්තේ තමා වටා බව පවසන ඔහු මැතිවරණයෙන් එජාප ය පරාජය කරන බව පවසනවා.