Monday, October 21, 2024

General line - 0115112241

මැතිවරණ නීති කඩන්න එපා - ඇමතිගෙන් උපදෙස්




කිසිදු මැතිවරණ නීතියක් උල්ලංඝණය නොකර සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වියයුතු බව අමාත්‍ය පලනි තිගාම්බරම්  අද (27) සිය පක්ෂයේ අපේක්ෂකයින් හමුවේ සඳහන් කළා.


මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයින් දැනුවත් කිරීමේ මෙම වැඩසටහන අමාත්‍ය පලනි තිගාම්බරගේ ප්‍රධානත්වයෙන්  හැටන් ඉන්ද්‍රා ශාලාවේදී පැවැත්වුණා.

නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා දමිළ ප්‍රගතිශීලී සන්ධානය එක්සත් ජාතික පෙරමුණ යටතේ පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදිනවා. 


ලබන 31 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් නගරයේ පැවැත්වෙන ජන හමුවෙන් පසුව මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භකරන බවද අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා මෙහිදී කියා සිටියා.