Monday, October 21, 2024

General line - 0115112241

කැමති කැමති තරම් ඡන්ද ප්‍රචාරණයට යවන්න බැහැ! නීති දැඩිවෙයි!




එළැඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසමේ නිලධාරීන් හා පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වුණා. එ් මැතිවරණ කොමිසමේදීයි. මෙම අවස්ථාවට පොලීසියේ උසස් නිලධාරීන්ද එක්ව සිටියා. මැතිවරණයට අදාළ නීති පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

අපේක්ෂකයින් ගෙන් ගෙට ගොස් සිදු කරන මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා යොදා ගන්නා පිරිස 10කට සීමා කිරීමටයි මෙහිදී තීරණ කෙරුණේ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය වෙත  කරුණු  දක්වමින් කියා සිටියේ නීති දැඩි වුවද එම තීරණයන්ට හිස නමන බවයි. කෙසේ වෙතත් පනවා ඇති සීමා දැඩි බවද ඔහු පැවසුවා. නමුත් ඒ සීමාව තුළ කටයුතු කරනා ලෙසට අපේක්ෂකයින්ට දැනුවත් කරන බවද ඔහු පැවසුවා.