Monday, October 21, 2024

General line - 0115112241

රට පැනපු පාතාලයින් කුදලාගෙන එ්ම අරඹා ඇතැයි ඇමති කියයි




විදෙස් රටවල සැගවී මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ පාතාල කි‍්‍රයාකාරකම්වල නිරත ප‍්‍රධාන පෙළේ පාතාල නායකයන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කර ඇති බව අමාත්‍ය සාගල රත්නායක පවසනවා. ඔහු කියාසිටියේ මත්ද්‍රව්‍ය සහ පාතාලය නුදුරේදීම මෙරටින් තුරන් කරන බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල කි‍්‍රයාකාරකම් එකම පිරිසක් විසින් සිදුකරන බවයි

අනාවරණ වී ඇත්තේ. මෙම වසර තුළ පමණක් රුපියල් කෝටි 13 කට අධික හෙරොයින් ප‍්‍රමාණයක් අත්අඩංගුවටගත් බව සාගල රත්නායක කියාසිටියා. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ දිසාව සිදුකළ වැටලීම් 445 කදි සැකකරුවන් 570 ක් අත්අඩංගුවට ගැණුනා.