Monday, October 21, 2024

General line - 0115112241

සන්ධානයේ පක්ෂ නායකයින් සහ නියෝජිතයින් කැඳවයි




එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගතව සිටින පක්‍ෂවල නායකයින් සහ නියෝජිතයින්ගේ හමුවක් අද (28) පැවැත්වෙනවා.

ඒ, කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි.

අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් සඳහන් කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය යටතේ තරග කරන සියළුදෙනා හෙට (29) දිනයේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයට කැඳවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එහිදී, මෙවර පළාත් පාලන මැතිවරණයට සිය අපේක්ෂක අපේක්ෂිකාවන් 9000කට ආසන්න සංඛ්‍යාවක් පළාත් පාලන ආයතන 341 සඳහා තරග කරන බවත් සඳහන් කෙරුණා.