Monday, October 21, 2024

General line - 0115112241

විසඳුම් නොදුන්නොත් වෙන දේ මහින්ද ලියයි




සයිටම් ගැටලූව තවදුරටත් කල් නොහැර කඩිනම්න් විසඳිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සයිටම් විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් 2016 වසරේ සිට විශ්ව විද්‍යාලවල වෛද්‍ය අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඇණහිටි බවයි.

2016 වසරේදී වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදුසුකම් ලැබූ සිසුන්ද තවමත් අධ්‍යයන කටයුතු ආරම්භ කර නැහැ. මේ හේතුවෙන් වෛද්‍ය පීඨවලට ඇතුළුවීමට බලාපොරොත්තුවෙන් සිටින 2017 වසරේ උසස් පෙළ විභාගය සමත් වන සිසුන්ගේ අධ්‍යයන කටයුතු ද පමා වන බවයි හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

දේශනවලට අමතරව සායනික පුුහුණුවද ඇති බැවින් බොහෝ විට එක් කණ්ඩායමක් ඉහළ නොයවා ඊළඟ කණ්ඩායම බඳවා ගැනීමට වෛඳ්‍ය පීඨවලට නොහැකි වනවා.

මෙම ආරවුල දිගින් දිගටම පැවතියහොත් ශී‍්‍ර ලංකා වෛද්‍ය උපාධියට දැනට ඇති ජාත්‍යන්තර පිළිගැනීම අවදානම් තත්වයකට පත්විය හැකි බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මෙරට වෛද්‍ය වෘත්තිය බි‍්‍රතාන්‍ය හා ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල් සමග ඉතා සමීප සබඳතාවලින් යුක්ත වනවා. මෙරට සයිටම් අර්බුදය එම රටවල වෛද්‍ය බලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් සයිටම් අර්බුදය කඩනමින් සමථයකට පත් කිරීමට සියලූ පාර්ශ්ව කටයුතු කළ යුතු බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.