Monday, October 21, 2024

General line - 0115112241

උසස් පෙළ ප්‍රථමයන් මෙන්න

නිශාන් ද සිල්වා




මෙවර පැවති උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද (28) අලුයම නිකුත් කෙරුණා.

එහි  ප‍්‍රතිඵල http://www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙවර විභාගයේ ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානය හිමිකර ගෙන ඇත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දිලිනි සඳුනිකා ශිෂ්‍යාවයි .

වාණිජ අංශයේ පළමු ස්ථානයද එම විද්‍යාලයේම දුලානි රසන්තිකා ශිෂ්‍යාවට හිමිව තිබෙනවා.

භෞතික විද්‍යා අංශයේ ප‍්‍රථම ස්ථානය හිමිව ඇත්තේ පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ ශී‍්‍රධරන් දුවාරකන් සිසුවාටයි.

කලා අංශයේ ප‍්‍රථම ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවණේ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමියන්ට හිමිව තිබෙනවා.

ඉංජිනේරු තාක්‍ෂණවේදය අංශයේ ප‍්‍රථම ස්ථානය හිමිව ඇත්තේ මාතර මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ පාරමී ප්‍රසාදි සිසුවියටයි.

අයදුම්කරුවන්ගේ විභාග ප‍්‍රතිඵල අද දිනයේ තැපැල් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත නෙත් නිවුස් වෙත කියාසිටියා. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි මුළු අයදුම්කරුවන් ගණන තුන් ලක්‍ෂ පහලොස්දහස් දෙසිය විසිහතක්.  

(සියලු තොරතුරු පහතින් දැක්වෙයි)