Monday, October 21, 2024

General line - 0115112241

යාපනයේ භූත බිය ගැන පරීක්ෂණ අරඹයි

දිනසේන රතුගමගේ




යාපනය නගරාසන්නයේ ඇතිවී තිබෙන භූත උවදුර සම්බන්ධයෙන් පොලීසිය හා බුද්ධි අංශ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

යාපනයේ සුළු වෙළෙන්දන් පවසන්නේ එකම පවුල් දාමයකට අයත් පිරිසක් වෙළදාම් කල වෙළෙදසැල් පිහිටි ප‍්‍රදේශයේ කිසිඳු වෙළෙදසැලකින් ලාබයක් ලබා ගැනීමට නොහැකි අන්දමට ව්‍යාපාර කටයුතු කඩා වැටී ඇති බවයි.

මෙම වෙළෙදසැල් පිහිටි ප‍්‍රදේශයේ ජනතාව දිනපතා කිසියම් හේතුවක් නිසා බියට පත්ව සිටින බවයි යාපනයේ වැසියන් පවසන්නේ.

මෙම වෙළෙදසැල්වල වෙළදාම් කරමින් සිටි එකම පවුලේ සාමාජිකයින් නව දෙනෙකු මෙතක් හදුනා ගැනීමට නොහැකිවූ උණ රෝගයක් නිසා මාස හතරක් වැනි කෙටි කාලයකදී මියගොස් තිබෙනවා. ඔවුන් මියයාමෙන් පසු ඔවුන්ගේ නිවෙස්වලට දිනපතා යම් යම් අද්භූත දේ සිදුවන බවටද ආරංචි පැතිර යනවා.

එම වෙළෙදසැල්වලින් ආරම්භ වූ  යාපනයේ භූත කතාව මේ වනවිට යාපනයේ සෙසු ප‍්‍රදේශ කරාද ව්‍යාප්තවීම හේතුවෙන් එම ප‍්‍රදේශවල වැසියන් දැඩි ලෙස භීතියට පත්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

යාපනයේ නගරාසන්නයේ විවිධ ප‍්‍රදේශවලදි යම් යම් අද්භූත සිද්ධීන් දුටු පුද්ගලයින් කිහිප දෙනෙකුද බියට පත්ව තිබෙනවා.