Monday, October 21, 2024

General line - 0115112241

කාන්තාවක් මහ පාරේදී දෙදෙනෙකුට පිහියෙන් අනී




පානදුර හිරන පාරේ පිහිටි එජන්ත වංගුව අසල හෝටලයක් ඉදිරිපිට විවාහක කාන්තාවක් විසින් තම පුරුෂයාට හා ඔහුගේ අනියම් බිරිඳ වෙත පිහි ඇනුමක් සිදුකර තිබෙනවා.

ඊයේ (27) රත්‍රි 07.10 පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. 

මෙහිදි මෙම පුරුෂයා විසින් කලක පටන් අනියම් බිරිඳ සමග වෙනම වාසය කරන බවට අනාවරණය වී තිබෙනවා.

ඊයේ රත්‍රියේදී ඔවුන් දෙදෙනා විසින් අහාර ලබා ගැනිමට මෙම හෝටලය වෙත පැමිණ ඇති බවත් එම අවස්ථාවේදි විවාහක බිරිඳ විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වී තිබෙනවා.

එම සිදුවිමෙන් පසුව  විවාහක කාන්තාව පළා ගොස් ඇති අතර තුවාලකරුවන් දෙදෙනා පානදුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

තුවාලකරු වන 52 හැවිරිදි අළුත්ගේ දොන් අනුර ප්‍රේමසිරි සහ තුවාලකාරිය වන 47 වැනි වියේ පසුවන විදාන පතිරනගේ කුමුදිනී අංක 218 තැඹිලි උයන, හිරන ලිපිනයේ පදිංචිකරුවන් වනවා.

පිහි ඇනුම සිදුකළ 48 හැවිරිදි කාන්තාව වන ගෝනිහාමාලිගේ නිරෝෂණි අපොන්සු අංක 107/10C නාවැටිය පාර, බෙක්කේගම පානදුර යන ලිපිනයේ පදිංචිකාරියක්. සැකකාරියව තවමත් අතුඅඩංගුවට ගෙන නැහැ.