Sunday, October 20, 2024

General line - 0115112241

ඡන්ද නීති කැඩූ හිටපු සභාපති අත්අඩංගුවට

චන්දන උඩුවාවල




මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවක් මත උඩුදුම්බර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සෙනරත් බණ්ඩාර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයෙක්.

ඊයේ (27) රාති‍්‍රයේ ඔහු සමග තවත් තිදෙනෙක් උඩුදුම්බර මහනුවර ප‍්‍රධාන මාර්ගයේ පෝස්ටර් අලවමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

පෝස්ටර් 83ක් සහ ඔවුන් පැමිණී කැබ් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුනු උඩුදුම්බර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සෙනරත් බණ්ඩාර සහ අනෙක් පුද්ගලයින් තිදෙනා තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිළි 29ක් මේ දක්වා පොලීසියට ලැබී තිබෙනවා. මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ සිද්ධීන් 13ක්ද වාර්තා වී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. ඊට අදාළ පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.