Friday, October 18, 2024

General line - 0115112241

මහනුවර මහ රෝහලේ අක්කර 22ක අනවසරයෙන් පදිංචිව සිටින්නන්ට ඇමති නියෝගයෙන් වෙන්න යන දේ මෙන්න




මහනුවර ශික්‍ෂණ රෝහල් භූමියේ අනවසරයෙන් අත්පත් කර ගෙන සිටින පිරිස ඉන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. රෝහලේ අක්කර 40 ක් පමණ වෙනත් පුද්ගලයන් විසින් අත්පත් කර ගෙන තිබුණා. ඉන් අක්කර 18 ක් මේ වනවිට යළි රෝහල් සංවර්ධන කටයුතු සදහා පවරා ගෙන තිබෙනවා.

ඉතිරි භූමි ප‍්‍රමාණයද මහනුවර ශීක්‍ෂණ රෝහලට පවරා ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. මෙරට දෙවන ජාතික රෝහල ලෙස මහනුවර ශික්‍ෂණ රෝහල සංවර්ධන කිරීමටද නියමිතයි.