Friday, October 18, 2024

General line - 0115112241

දීඝවාපි කසල මධ්‍යස්ථානය අසල හමුවූ ඇතා මියයයි (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල - අම්පාර




අමිපාර දීඝවාපි ප‍්‍රදේශයේ කූණු එකතු කිරිමේ මධ්‍යස්ථානය අසල පන අදිමින් සිටි අලියා මිය ගිය බව වනජීවි නිළධාරින් පවසනවා.

ඉකුත් 22 වෙනි දින මෙම අලියා කුණු වල අසල වැටි පන අදිමින් සිටි අතර පසුව අමිපාර වනජිවි පශූ වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර ඇතුලූ වනජිවි නිළධාරින් මෙම අලියාගේ ජිවිතය බේරා ගැනිම සඳහා ප‍්‍රතිකාර ආරමිභ කළත් එයින් සුව අතට පත්  නොවුන අලියා මියගොස් ඇති බවයි ඔවුන් පැවසුවේ.

මිය ගිය අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පශූ වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර විසින් සිදුකර ඇති අතර මියගිය අලියාගේ ආමශයේ විශාල වශයෙන් පොලිතින් තිබුනු බව සඳහන්.

මෙම කුණු වලේ ඇති කුණු වර්ග සමග ඇති  පොලිතින් සහ  වෙනත් විෂ ද්‍රව්‍ය කැවි ඇති නිසා ආමාශයේ ආමිලිකතාවය වැඩි විමෙන් හිතකර බැක්ටිරියා  වර්ග විනාශ විම නිසා ආහාර ගැනිමට නොහැකිව මෙම මරණය සිදු ව ඇති  බවට නිගමනය වුණා.