Friday, October 18, 2024

General line - 0115112241

උතුරු කොළඹ දේශපාලකයෙකුගේ පාතාල සගයන් ඇමතිවරයෙකුට මරණ තර්ජනය කරලා

සමන්ත කුමාර




තමන්ටද පාතාලයට සම්බන්ධ දේශපාලනඥයෙකුගෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් ප‍්‍රකාශ කරනවා. 

ඔහු පෙන්වා දෙන්නේ උතුරු කොළඹ පදනම් වී කටයුතු කරන පාතාල සම්බන්ධකම් ඇති දේශපාලනඥයෙකුගෙන් තමන්ට එවැනි තර්ජන එල්ලවී ඇති බවයි.

මෙම ඇතැම් අය මහජන මුදල් සොරකම් කර පක්ෂයත් අමාරුවේ දමා දැන් පාතාලයේ සහය ගනිමින් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය මනෝ ගනේෂන් වැඩි දුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයා දැනුවත් කළ බවත් ඒ අනුව සිය ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව තමා වෙත ලබා දුන් බවද සඳහන් කළා. තමාව පත්කළේ ජනාධිපතිවරයා බවත් තමාගේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිතුමා කටයුතු කරනු ඇති බවද අමාත්‍ය මනෝ ගනේෂන් පැවසුවා.