Sunday, October 20, 2024

General line - 0115112241

නිවරැදි තොරතුරු නොලැබීමෙන් ගින්න නිවන්න ගිය භටයෙක් තුවාල ලබයි (UPDATE)

නිශාන් ද සිල්වා




ඒකළ ප‍්‍රදේශයේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලවක අද (30) අලුයම හටගත් ගින්න මැඩපැවැත්වීමට ගිය ගිනි නිවන භටයෙකු අනතුරට ලක්ව තිබෙනවා.

ගින්න පිළිබඳව අදාළ සමාගමෙන් නිවරැඳි තොරතුරු ලබා නොදීම හේතුවෙන් මෙම ගිනි නිවන භටයා තුවාල ලැබූ බවයි සඳහන් කෙරුණේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරියෙකු සඳහන් කළේ මෙම ගින්න ලෝහ අමුද්‍රව්‍ය සහිත කර්මාන්ත ශාලාවක ඇති වූවක් හේතුවෙන් ගින්න නිවා දැමීමේදී අනුගමනය කළ යුතු වෙනමම ක්‍රියාවලියක් ඇති බවයි. ඒ පිළිබඳව මුලින් සඳහන් නොකිරීම නිසා ජලය මගින් මෙම ගින්න නිවා දැමීමට යෑමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

කෙසේවෙතත් පසුව වැලි භාවිතා කරමින් ගින්න පාලනය කිරීමට එහි නිලධාරීන් සමත්ව තිබෙනවා.

 

----------------------------

කර්මාන්ත ශාලාවක් ගිනි ගනී

(30-12-2017 06:23)

ඒකළ ප‍්‍රදේශයේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලවක අද (30) අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.

මේ වනවිට ගින්න ව්‍යාප්තවීම මැඩපවත්වා ඇති බවයි කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහි ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිිටියේ අළුයම 3.00 ට පමණ ගින්න හටගෙන ඇති බවයි.

ඒ අනුව ගිනිනිවන රථ 3 ක් ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා තිබෙනවා.

තවදුරටත් ගිනි නිවන භටයින් අදාළ ස්ථානයේ රැදි සිටින බවයි එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.