Sunday, October 20, 2024

General line - 0115112241

අමාත්‍ය මනෝ ගනේෂන්ගේ පාතාල තර්ජනය ගැන රාවණා බලය කියපු දේ මෙන්න




පාතාලයෙන් තමන්ට එල්ල වන තර්ජන හේතුවෙන් ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් පොලිස් ආරක්ෂාව ලබා ගැනීම සම්බන්ධයෙන් රාවණා බලය සංවිධානය අද  (30) අදහස් පළ කළා.

එහි කැවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මෙහිදී ප්‍රශ්න කර සිටියේ මෙතෙක් නොතිබු පාතාල බිය අමාත්‍යවරයාට හදිසියේ ඇති වූයේ මන්දැයි යන්නයි.

සංහිඳියාව වැනි පොරොන්දු ජනතාවට ලබාදී එය ඉෂ්ඨ නොවු තැන ජනතාවට මුහුණ දිය හොහැකිව හා ජනතාව ඉදිරියට යාමේ බියට මේ ආරක්ෂා ඉල්ලා ඇති බවයි උන්වහන්සේ කියා සිටියේ.

මේ අතර, තමන්ට එල්ල වන බව කියන තර්ජන සම්බන්ධයෙන් ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් අද (30) ජන හමුවකට එක් වෙමින් කරුණු පැහැදිලි කළා.

තමන්ට මරණ තර්ජනයක් ඇති බැවින් තමා ආරක්ෂාව තර කර ගත් බවත් තමාට රටේ ජනතාවට සේවය කිරිමට තවත් බොහෝ දෑ ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.

එය ඉෂ්ඨ නොකර තමාට ජීවිතයෙන් වන්දි ගෙවිය නොහැකි බව ද ඔහු කියා සිටියා.