Sunday, October 20, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් ශ්වේත පූජා සාර්ථකව නිමා වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර / හේරත් ඒකනායක/ එම්.කේ. නන්දසේන




දුරුතු පුර පසළොස්වක පොහොය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ ශ්වේත පූජා පොහොය දින වැඩසටහන කඩවත ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේදී අද (01) සාර්ථකව නිමාවට පත්වුණා. 
අලූයම අෂ්ටාංග සීල සමාදානයෙන් පසු ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා වැනි පිංකම් එහිදී පැවැත්වුණු අතර, ඒ සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් එක්ව සිටියා. 
ශ්වේත පූජා වැඩසටහන පස්වරුවේ අවසන් වුයේ විශේෂ ඖෂධ පූජාවකින් පසුවයි. එමෙන්ම උදාවූ 2018 වසරට ආශිර්වාද පතා දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක අද (01)  පිංකම් පැවැත්වුණා. 

--------------------

2018 පිළිගන්න ශ්‍රී ලංකාවත් සූදානමින් (31-12-2017 19:27)

2018 නව වසර උදාව සැමරීම සඳහා සියලූදෙනා මේ වනවිට සූදානම් වෙමින් සිටිනවා. බොහෝ දෙනෙකු නව වසර පිළිගැනීමට සූදානම් වන්නේ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්. නෙත් එෆ් එම් රේඩියෝව ද උදාවන නව වසරට සෙත්පතා සංවිධාන කරන පිංකස් මාලාවක් අද දවසපුරා හොරණ දික්හේනපුර සීලසුව අරණ පින්බිමේ ඉදිවන බක්කුල මහසෑය අභියස දී පැවැත්වෙනවා. 

බක්කුල මහසෑය තුළ සිදු කෙරෙන ප‍්‍රථම ඖෂධ පූජාව අද (31) රාත‍්‍රියේ දී සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. මහා මංගල සූත‍්‍රය ඇසුරෙන් පවත්වන ධර්ම දේශනාව රාත‍්‍රී 07ට ආරම්භ වුණා. ඉන් අනතුරුවයි රටටම ආශිර්වාද පතා සිදු කෙරෙන විශේෂ පහන් පූජාව ආරම්භ වන්නේ. 

මේ අතර හෙටින් උදාවන නව වසර පිළිගැනීමට සහ දුරුතු පොහොය වෙනුවෙන් දිවයිනේ සියලූ වෙහෙර විහාරස්ථානවල ආගමික වතාවත් සංවිධාන කර ඇතැයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. 

මහනුවර ශ‍්‍රී දළඳා මාලිගාවේ ද එවැනි පිංකම් සංවිධාන කර ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු හේරත් ඒකනායක සඳහන් කළා. 
කතරගම පුදබිමේ ද චාරිත‍්‍රානුකූලව විශේෂ ආගමික වතාවත් සංවිධානය වෙමින් ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු එම් කේ නන්දසේන පැවසුවේ. 

මේ අතර 2018 නව වසර පළමුව උදාවූයේ නවසීලන්තය ප‍්‍රමුඛ පැසිෆික් දූපත්වලටයි. 

නව වසරේ උදාව සමරමින්  ඕක්ලන්ඞ් නුවර විදුලි බුබුළුවලින් අලංකාර කර තිබූ අතර නව වසර පිළිගත්තේ විශේෂ මල්වෙඩි සංදර්ශනයක් ද සමගයි. 
ලොවපුරා රටවල් රැසක ප‍්‍රධාන නගරවල නව වසර සැමරීම සඳහා දැනටමත් විශේෂ උත්සව සංවිධාන කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
ඕස්ටේ‍්‍රලියාව, ජපානය, චීනය, බි‍්‍රතාන්‍ය සහ දකුණු කොරියාව ඒ අතරින් ප‍්‍රධානයි.