Sunday, October 20, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් අනතුරු අඟවයි

ඩිල්ෂාන් මඩවල - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොවපුරා ගැටුම් උග‍්‍ර වී අනතුරු මතු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් අනතුරු ඇඟවීමක් කරනවා.

ඔහු මෙම අනතුරු ඇඟවීම සිදු කරන්නේ උදා වූ 2018 නව වසර වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින්.

සීතල යුද්ධයකින් පසු දැන් න්‍යෂ්ටික අවි පිළිබඳ සැක සංඛා ද දැඩි වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වා දෙන්වා.

මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ද භායානක ලෙස වැඩිවෙමින් තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජාතිකත්වය සහ අධිභීතිකාව සමග අසමානකම් වර්ධනය වෙමින් ඇතැයි ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවසනවා.

මිනිසාට වඩා වේගයෙන් වෙනස් වෙමින් තිබෙන කාලගුණය නිසා ද තර්ජන ඇති වෙමින් තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

මෙම අන්තරායන් හමුවේ ආරක්ෂිත වීමට නම් සියලූ දෙනා එකමුතු විය යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අවධාරණය කරනවා.

වෛරය තුරන් කර වටිනාකම් බෙදාහදා ගැනීමට ලෝක නායකයින්ගේ අවධානය යොමු විය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.