Sunday, October 20, 2024

General line - 0115112241

බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනතාවට ඉදිරිපත් කළ යුතුයි




බැඳුම්කර කොමිසමේ වාර්තාවේ තොරතුරු ජනතාවගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 
කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා. 

ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පසුගියදා පපුවට අත තබා වංචාව සම්බන්ධයෙන් පොරොන්දු වූ බවත් එවැනි පොරොන්දුවක් ජනාධිපතිවරයා අද සිදුකිරිමෙන් පලක් නොමැති බවත් ඔහු කියා සිටියා.
එම පොරොන්දුව ජනාධිපතිවරණයේ දී සිදු කළ යුතුව තිබු බව පෙන්වාදුන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ අද ජනාධිපතිවරයා වංචා දූෂණයට එරෙහිව කිටයුතු කල යුතු බවයි.

එමෙන්ම සෙසු සාමාජිකයන් මින් ඉදිරියට වංචා දූෂණ නොකරන බවට පොරෙන්දු විය යුතු බවත් ඔහු කියා සිටියා.