Sunday, October 20, 2024

General line - 0115112241

අඹු සැමි යුවළ දෙකක් දඹුල්ලේ එකම ලැයිස්තුවක




මෙවර පලාත් පාලන මැතිවරණයට දඹුල්ල මහ නගර සභාව සදහා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවට අඹු සැමි යුවළ දෙකක් ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව, එම මහ නගර සභාවේ රත්මල් ගහ ඇළ කොට්ඨාසයට තරග කරන අපේක්ෂිකාවට අමතරව ඇයගේ සැමියා ද අතිරේක ලැයිස්තුවේ අපේක්ෂකයෙකු ලෙස නම් කර ඇති බවයි අනාවරණ වුණේ.

ඊට අමතරව අතිරේක අපේක්ෂක ලැයිස්තුව සඳහා ඒ ජී එස් පාදෙණිය සහ ඔහුගේ බිරිඳ වන නාලනී චන්ද්‍රලතා ඇතුළත් කිරීමද විශේෂත්වයක්.