Sunday, October 20, 2024

General line - 0115112241

සෞඛ්‍ය තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක්




සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා පසුගිය වසර කිහිපයේදී තීන්දු තීරණ රැසක් ගෙන ඇතත් එම ඇතැම් තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් දක්නට ලැඛෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (02)පැවැති උත්සවයකදී  එහි සේවක සේවිකාවන් අමතමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. 

2016 වසරේ ගත් ඇතැම් තීරණ පවා මෙතෙක් ක්‍රියාත්මක  වී නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

එම තීරණ මෙම වසරේදී වේගවත්ව ක්‍රියාත්මක  කළයුතු බවද අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී ප්‍රකාශ කළා.