Sunday, October 20, 2024

General line - 0115112241

නාගලගම්වීදියේ වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් හෙළි වෙයි (UPDATE)

කසුන් කැලුම්




කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් නාගලගන්වීදිය ප‍්‍රදේශයේදී ඊයේ (02) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වෙමින් තිබෙනවා.

මුදල් ආරවුලක් ඊට හේතු වී ඇති බවටයි වාර්තා වන්නේ.

මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ මුදල් ගණුදෙණුවක් එහි පිටුපස ඇති බව මූලික පරීක්‍ෂණවලදි අනාවරණ වුණා.

වෙඩි ප‍්‍රහාරයට ලක්වූ පිරිස නාගලගන්වීදිය ප‍්‍රදේශයේ රැදි සිටි අවස්ථාවේ බීමත්ව එම ස්ථානයට පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් වෙඩි තැබූ පුද්ගලයින් කිසිවෙකුත් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනවා. 

සිද්ධියෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි. රෝහල් ප‍්‍රකාශකයෙකු කියාසිටියේ තුවාල ලැබූ එක් අයෙකු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවයි.

-----------------------------------

නාගලගම්වීදියේ වෙඩි තැබීමක් - හතරකට තුවාල 

(02-01-2018 17:34)

කොළඹ නාගලගම්වීදියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එහිදී සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ දීයි.