Sunday, October 20, 2024

General line - 0115112241

වසරක් පුරා රේගුව ඇල්ලූ භාණ්ඩ මෙන්න

ටී කේ ජී කපිල - කටුනායක




2017 වසරේදී ශී‍්‍ර ලංකා රේගුව සිදුකළ වැටලීම්වලින් රුපියල් කෝටි 108කට අධික මුදලක් උපයාගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න කියාසිටියේ අත්අඩංගුවට ගත් භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 103 කට අධික බවයි.

ඒ පිළිබඳ පැවති පරීක්‍ෂණවලින් අනතුරුව නියම කළ දඩය කෝටි 5 කට අධිකයි. රත්රන්, විදෙස් මුදල්, ස්වර්ණාභරණ, මැණික්, විදේශීය දුම්වැටි, ශී‍්‍ර ලංකාවට අවේනික ශාඛ හා සත්ව කොටස්, විවිධ මත්ද්‍රව්‍ය මෙන්ම ඖෂධ වර්ගද මෙලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩ අතරට අයත්. 

වැඩිම මුදලක් අයකර ගෙන ඇත්තේ විදෙස් මුදල් ජාවාරම්වලින්. ඒවායෙහි වටිනාකම රුපියල් කෝටි 51 කට අධිකයි. කෝටි 25 කට අධික රත්රන්ද ඉකුත් වසරේදී රේගු භාරයට ගැණුනා. කෝටි 10 ක විවිධ වර්ගයේ මැණික්ද සිය භාරයට ගත් බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ. 

කෝටි 6 ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි, කෝටි 8 ක් වටිනා මත්ද්‍රව්‍ය, කෝටි 3 ක් වටිනා ශී‍්‍ර ලංකාවට ආවේණික සත්ව හා ශාක කොටස් මෙන්ම කෝටි 2 කට අධික වටිනාකමින් යුත් ඖෂධ තොගයක්ද ඉකුත් වසරේදී රේගු භාරයට ගෙන තිබෙනවා.
කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල මෙන්ම කොළඹ, ගාල්ල සහ ති‍්‍රකුණාමලය යන වරායන්හිදි මෙම වැටලීම් සිදු කෙරුණා.