Sunday, October 20, 2024

General line - 0115112241

රටේ තැන තැන ත්‍රී වීල් ඉස්සු දෙදෙනෙක් අත්අඩංගුවට




ති‍්‍රරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව බන්ධනාගාරය අසලදී සහ කිඹුලාපිටිය ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් සිදුකළ මෙහෙයුමකදීයි.

සැකකරුවන් ජාඇල, මීගමුව සහ කඩුගන්නාව යන ප‍්‍රදේශවලදී වාහන සොරාගෙන තිබෙනවා. එලෙස සොරකම් කරන ලද ති‍්‍රරෝද රථයක් හා යතුරු පැදි දෙකක්ද සොයා ගැණුනු බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් වයස අවුරුදු 24 සහ 41 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් සීදුව සහ කිඹුලාපිටිය ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා.