Sunday, October 20, 2024

General line - 0115112241

ලෝක පාපැදි ධාවන ශූරිය බරපතල රිය අනතුරක




ලෝක පාපැදි ධාවන ශූරිය වන  ඕස්ටේ‍්‍රලියාවේ කැරොලයින් බීකෑනන් හදිසි අනතුරකට ලක්ව තිබෙනවා. ඒ, ඇය ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්වීමෙන්. කෙසේවෙතත් අනතුර පිළිබද මෙතෙක් නිල තොරතුරක වාර්තා වී නැහැ.

අනතුරෙන් ඇය බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අවස්ථා 5කදී ලෝක ශූරතාවට හිමිකම් කියූ 27 හැවිරිදි වියේ පසුවන කැරොලයින් බීකෑනන් අවස්ථා දෙකකදී කාන්තා පාපැදි ධාවන ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කමද දිනා ගත්තා. ඒ, 2012 සහ 2016 දීයි.