Saturday, October 19, 2024

General line - 0115112241

විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත දැන් අන්තර්ජාලයේ




උසස් පෙළ විභාග ප‍්‍රතිඵල මත විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත ඇතුළත් අත්පොත අද (05) නිකුත් කෙරෙනවා. ඒ අනුව අද සිට ලබන 26 වනදා දක්වා විශ්ව විද්‍යාල සඳහා ඔන්ලයින් ක‍්‍රමයෙන් පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පැවසුවේ. 

එම අත්පොතේ සඳහන් උපදෙස් අනුව නිසි පරිදි අන්තර්ජාලය ඔස්සේ තම අයදුම්පත් යොමු කරන ලෙස විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා. 2017 උසස් පෙළ විභාග ප‍්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලැබු සිසුන් සංඛ්‍යාව එක් ලක්ෂ 63,104ක්. මෙවර විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 30,500ක් බවයි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පැවසුවේ. 

www.admission.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි විය හැකිය.