Saturday, October 19, 2024

General line - 0115112241

යූ ආර් අ ලීඩර් සහ නවසීලන්ත ශ්‍රී ලංකා පදනමේ ප්‍රජා සත්කාරය මෙවරත්




නව වසරක උදාවේදී අඩු ආදායම්ලාභී පාසල් දරු දැරියන් වෙනුවෙන් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීම සඳහා නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන යටතේ සංවිධාන කෙරෙන ප‍්‍රජා සත්කාර මෙහෙයුම මෙවරත් සිදු කෙරෙනවා. ඒ, නවසීලන්ත - ශ‍්‍රී ලංකා පදනමේ ද අනුග‍්‍රාහක ශක්තියෙන්.

මෙහි පළමුවැන්න යටියන්තොට සිරිවර්ධන මහ විද්‍යාලයේ දී ඊයේ (04) පැවැත්වුණා. එහිදී අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදුන් දරු දැරියන් ගණන 100 දෙනෙක්. එම විද්‍යාලයීය විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ඒකකය වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් ද සිදු කෙරුණා. විභාග ස`දහා වඩා හොඳින් මුහුණදීම සඳහා මගපෙන්වමින් විද්‍යාලයීය ඉහළ ශ්‍රේණිවල දරු දැරියන් වෙනුවෙන් පැවැත්වුණු දේශනයක් ද මීට ඇතුළත්. 

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන යටතේ සංවිධාන කෙරෙන මෙම ප‍්‍රජා සත්කාර මෙහෙයුමේ මීළඟ අදියර ත‍්‍රීකුණාමලය මැදවච්චිය විද්‍යාලයේ දී හෙට (06) සිදු කෙරෙනවා.