Saturday, October 19, 2024

General line - 0115112241

ඇමති දුමින්ද ගෙදර යන්න! ඒකාබද්ධයෙන් කියයි




අමාත්‍ය දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා පවසනවා. වර්තමානයේ මෙරට කෘෂිකර්මාන්තය ඇද වැටීමට ඔහු වගකිව යුතු බවයි මන්තී‍්‍රවරයා කියා සිටියේ. යටියන්තොට පැවති ශී‍්‍ර ලංකා පොදුජන පෙරෙමුණේ ජන හමුවකට එක්වෙමින් රංජිත් ද සොයිසා මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා.

මෙම ජන හමුවේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණක හේරත්ද අදහස් දැක්වූවා. ඔහු එහිදී කියා සිටියේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් ජාතික ආණ්ඩුවේ රැඳී සිටින්නේ තනතුරු සහ වරප‍්‍රසාද අපේක්ෂාවෙන් බවයි.