Sunday, May 5, 2024

General line - 0115112241

ඡන්ද දායකයන් මැතිවරණයකදී ඡන්දය ප‍්‍රකාශ කරන්නේ ඇයි?



ශී‍්‍ර ලාංකේය භාවිතය තුළ දේශපාලනය පෞද්ගලික උවමනා ඉටුකර ගැනීමට සීමා වී ඇතැයි විද්වතුන් පවසනවා. ආචාර්ය සුරේෂ් රාගවන් පෙන්වා දුන්නේ බොහෝවිට ඡන්ද දායකයන් මැතිවරණයකදී ඡන්දය ප‍්‍රකාශ කරන්නේද සිය පෞද්ගලික අපේක්‍ෂාවෙන් ඉටුකර ගැනීමට මිස ජාතික අවශ්‍යතා සැලකිල්ලට ගෙන නොවන බවයි.

ඊයේ (08) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී මෙම අදහස් පළ කෙරුණා.

මානව හැකියා සංවර්ධන විශේෂඥ පුහුණුකරු සනත් ගමගේද මෙම සංවාදයට එක් වුණා. ඔහු පැවසුවේ බොහෝ දෙනෙකු දේශපාලනයට පිවිසෙන්නේද පෞද්ගලික අපේක්‍ෂාවන් ඉටුකර ගැනීමට බවයි.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ මෙම නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.