Friday, October 18, 2024

General line - 0115112241

TNA අපේක්ෂකයාගේ නිවසට ප්‍රහාරයක් (PHOTOS)

දිනසේන රතුගමගේ - වවුනියාව




මන්නාරම මාන්තෙයි ප්‍රදේශයේ පිහිටුවා තිබූ දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ කාර්යාලයට හා ඊට යාබදව පිහිටි අපේක්ෂකයෙකුගේ නිවසට ඊයේ (14) රාත්‍රී ප්‍රහාරයක් එල්ල කළ බවට මාන්තෙයි පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ප්‍රහාරයට පැමිණි පිරිස පක්ෂ කාර්යාලයේ තිබූ පෝස්ටර් හා සැරසිලි වලට හානි කර නිවෙස් වලට ගල් හා බෝතල් වලින් ප්‍රහාරයක් එල්ල කළ බව පැමිණිල්ලේ සඳහන් වෙයි.

නිවසේ පිරිස අවදිවී ප්‍රහාරය කුමක්දැයි බැලීමට පැමිණි අවස්ථාවේදී මහමග සිටි පිරිසක් රතිඤ්ඤා දල්වා නිවස තුළට වීසි කළ බවත් පෝස්ටර් හා බැනර් සියල්ල විනාශ කිරීමෙන් පසුව ඔවුන් වාහනයකින් පලා ගිය බවත් දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයා පොලීසියට පවසා තිබෙනවා.

මෙම ප්‍රහාරට එල්ල කරණ ලද්දේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජනතා විමුක්ති සන්ධානයේ ආධාර කරුවන් පිරිසක් බවද පැමිණිල්ලේ සඳහන් වනවා.

පොලීසියට අමතරව එම පැමිණිල්ල මැතිවරණ කොමසාරිස්වරයා වෙතද දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මන්නාරම මාන්තෙයි පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යනවා.