Friday, October 18, 2024

General line - 0115112241

ඩෝසර් කළ සාම්පූර් සූඩකුඩා චෛත්‍යයේ ඉදිකිරිම්  යළි ඇරඹේ

සජිත් තිලකරත්න




ඩෝසර් කළ සාම්පූර් සූඩකුඩා චෛත්‍ය යළි ඉදිකිරීමේ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළ කැණීම් නුදුරේදීම ආරම්භ කරන බවයි පුරාවිද්‍යා අධ්‍යක‍ෂ ජනරාල් පී බී මණ්ඩාවල නෙත් නිවුස් වෙත කියා සිටියේ.

එහි කැණීම් සිදු කර චෛත්‍යයේ පාදම මතුකර ගැනීම සඳහා මේ වනවිටත් කටයුතු සූදානම් බවද මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවා.

සාම්පූර් සූඩකුඩා චෛත්‍ය ඩෝසර් කිරීමේ සිද්ධිය ඉකුත්දා දැඩි ආන්දෝලනයක් ඇති කළා.

ඒ සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින්ද තොරතුරු අනාවරණය කෙරුණා.