Friday, October 18, 2024

General line - 0115112241

වෛද්‍යවරු රටපුරා වැඩ වර්ජනයක් කරන්න යයි




සයිටම් අර්බුධය ඇතුළු තවත් ගැටළු 9ක් මුල් කර ගනිමින් ලබන 22 වැනිදායින් පසු දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ එම සංගමයේ මධ්‍යම කාරක සභාවේ තීරණයකට අනුවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මේ සම්බන්ධයෙන් අදහස් දැකුවූවා.

එහිදී සඳහන් කළේ "වැඩවර්ජනයකින් තොරව මෙම ගැටළු විසඳා ගැනීමට අපට කෙතරම් ඕනෑකමක් තිබුණත් බලධාරීන් කියන්නෙම පළයල්ලා වැඩ වර්ජනයකට..කියලයි." යනුවෙනි. 

වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් අතරට අතිකාල දීමනා ගැටළුවක්, තීරුබදු සහන සහිත වාහන බලපත‍්‍ර ගැටළුවක් මෙන්ම සන්නිවේදන දීමනාව සම්බන්ධයෙන් වූ ගැටළුවක්ද ඇතුළත් වනවා.