Friday, October 18, 2024

General line - 0115112241

ජනතාවට විඳවන්න වූණු හේතුව හිටපු ජනපති පෙන්වයි




වත්මන් ආණ්ඩුවට නිසි ආර්ථික සැලසුමක් නොමැති වීමෙන් එහි අනිසි ප‍්‍රතිඵල ජනතාවට විඳ දරා ගැනීමට සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කඩුවෙල පැවති ජන හමුවක් අමතමින්.

වත්මන් ආණ්ඩුව රණවිරුවන්ගේ වැටුපද කප්පාදු කර ඇති බවයි ජන හමුව අමතමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.