Thursday, May 2, 2024

General line - 0115112241

කාශ්මීර අර්බුදය උත්සන්න වෙයි - පාසල් 84 ක් වසා දමයි

Kashmir today ඇසුරෙන් - වසන්ත පිවිතුරු




ඉන්දියානු හා පාකිස්ථාන දේශසීමාව වන කාශ්මිරයට පාකිස්ථාන හමුදාව ප්‍රහාර දියත් කරන බවට ඉන්දියාව පවසනවා.

ඒ හේතුවෙන් ඉන්දියානු හමුදාවද නොනවත්වා  ප්‍රතිප්‍රහාර දියත් කරමින් සිටින බවයි එරට වාර්තා පවසන්නේ.

එකඟතාවයන් නොතකා පාකිස්ථාන හමුදාව ඉන්දියාවට පෙරේදා ප්‍රහාර එල්ල කර තිබෙනවා.

කාශ්මිරයේ රාජෝරි ප්‍රදේශයේ පිහිටි ජනාවාසයකටයි පාකිස්ථාන හමුදාව ප්‍රහාර එල්ල කර තිබෙන්නේ.

ඉන් ඉන්දීය හමුදා නිලධාරියෙකු ඇතුළු තවත් සෙබළුන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊට එරෙහිවයි ඉන්දිය හමුදාව නොනවත්වා ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලබන්නේ.

දෙරට හමුදාවන් අතර ගැටුම් උත්සන්න වී ඇති බැවින් අදාළ ප්‍රදේශයේ පාසල් 84 වසා දැමීමට ඉන්දිය බලධාරින් පියවර ගෙන තිබෙනවා.

මෙම ගැටුම්කාරි තත්ත්වය තවත් උත්සන්න විය හැවි බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පසුගිය ජනවාරි මාසයේ දී ද පාකිස්ථාන හමුදාව විසින් එකඟතා උල්ලංඝණය කරමින් මෙවැනි ප්‍රහාර දියත් කරනු ලැබුවා.