Friday, September 20, 2024

General line - 0115112241

UPDATE : ජර්මනියේ වෙඩි තිබ්බේ 18 හැවිරිදි තරුණයෙක්




ජර්මනියේ මියුනික් නුවර ඊයේ (22) සිදුවූ වෙඩි තැබීමට හේතුව කුමක්දැයි තවමත් අනාවරණ වී නැතැයි මියුනික් නුවර පොලිස් ප‍්‍රධානියා පවසනවා.

මෙම තුවක්කුකරුවා 18වන වියේ පසුවූවෙකු බවද ජර්මන් ඉරාන ද්විත්ව පුරවැසියෙකු බවද හෙළි වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගියා. තුවාල ලැබූවන්ගේ ගණන 16 දෙනෙක්.

වෙඩි තැබීමෙන් පසු තාවකාලිකව නවතා දැමුණු ප‍්‍රවාහන සේවා දැන් ආරම්භ වී තිබෙනවා. කෙසේ වෙතත් අවට ප‍්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් තරකර තිබෙන බවයි ජර්මානු ප‍්‍රවෘත්ති සේවා කියා සිටියේ.

………………………………………………………..

UPDATE :ජර්මන් ලාංකිකයන් ගැන තව දුරටත් විමර්ශනයක් (VIDEO)

Jul 23, 2016 @ 08:00

ජර්මනියේ මියුනික් නුවර ඊයේ (22) සිදුවූ වෙඩි තැබීමෙන් ශ‍්‍රී ලාංකිකයින් කිසිවෙකුට හෝ හානි සිදුවී නැතැයි වාර්තා වුවද රාජ්‍ය තාන්ත‍්‍රික සේවා මගින් එහි තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

ප‍්‍රහාරය සඳහා සන්නද්ධ පුද්ගලයින් තුන්දෙනෙකු පැමිණි බවට මුලින් වාර්තා වුව ද මාධ්‍ය හමුවක් පවත්වමින් මියුනික් පොලිස් ප‍්‍රධානියා කියා සිටියේ මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ එක් තුවක්කුකරුවෙකු බවට දැන් හෙළි වී තිබෙන බවයි.

ඔහු ද වෙඩි තබාගෙන මියගොස් ඇතැයි මියුනික් පොලිස් ප‍්‍රධානියා කියා සිටියා.

මෙම තුවක්කුකරු 18වන වියේ පසුවූ ජර්මන් ඉරාන ද්විත්ව පුරවැසියෙකු බවයි විමර්ශනවලින් හඳුනාගෙන ඇත්තේ.

කෙසේ වෙතත් ප‍්‍රහාරයට හේතුව තවමත් අපහැදිලි බව මියුනික් පොලිස් ප‍්‍රධානියා පැවසුවා.

මෙම ප්‍රහාරයේ වීඩියෝවක් පහතින් නැරඹිය හැකියි.

……………………………………………………

UPDATE: ජර්මනියේ වෙඩි තැබීමෙන් ලාංකිකයන්ට අනතුරක් නෑ(PHOTOS)

Jul 23, 2016 @ 06:50

ජර්මනියේ මියුනික් නුවර ඔලිම්පියා සාප්පු සංකීර්ණයේ ඊයේ (22) රාත‍්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් ශ‍්‍රී ලාංකිකයින්ට හානි සිදුවී ඇති බවක් තවමත් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා..

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් අතුරුදහන් පුද්ගලයන් පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා විශේෂ දුරකථන අංකයක් ජර්මනියේ විවෘත කර තිබෙනවා. එම දුරකථන අංකය වන්නේ 0 800 77 66 350.

_90488095_timm-kraeft-munich-tw _90492083_mediaitem90492082 _90492626_c353a73b-2fa7-4c47-b7c3-4121708a155b _90492630_e27fe6a1-97b0-4781-8d05-1b1b66c6f846 _90493445_034182515

………………………………………………………

ජර්මනියේ වෙඩි තැබීමෙන් නවයක් මරුට

Jul 23, 2016 @ 06:34

ජර්මනියේ මියුනික් නුවර ඔලිම්පියා සාප්පු සංකීර්ණයේ ඊයේ (22) රාත‍්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබෙනවා.

ප‍්‍රහාරකයන් සොයා මියුනික් නගරය පුරා දැවැන්ත පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවයි බී.බී.සී. ලෝක සේවය පවසන්නේ.

 

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ ඉස්ලාමීය ත‍්‍රස්ත සංවිධානයක් බවටයි මේ වන විට සැක පළව තිබෙන්නේ.

ප‍්‍රහාරයෙන් පසු මියුනික් නුවර සියලූම ප‍්‍රවාහන සේවා ද නතර කෙරුණා.

මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් සංවේගය පළ කරන බවයි අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසන්නේ. ජර්මනියට සිය සහාය පළ කරන බවද ඔහු කියා සිටියා.

ප‍්‍රංශයේ පැරිස් නුවරටද ආසන්න වකවානුවේදී මෙවැනි ප‍්‍රහාරයක් සිදුවුණා.