Friday, October 18, 2024

General line - 0115112241

කවුරු බලයට ආවත් 13 අවශ්‍යයි - TNA

හේමන්ත කහවලගේ




කුමන පාර්ශවයක් බලයට පැමිණීයද 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතු බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් පැවසුවේ ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා එය ක්‍රියාත්මක කරවා ගැනීමට සිය පක්ෂය තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි.

ඒ සඳහා සිය නීතිඥයින් සහ විනිසුරුවන් අඛණ්ඩව කටයුතු කර ගෙන යන බවද එස් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මතුව ඇති දේශපාලන අර්බුධය හමුවේ ආණඩුවක් පිහිටුවීමට කිසිඳු පාර්ශවයකට සහාය නොදෙන බවයි වෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ.