Friday, October 18, 2024

General line - 0115112241

මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 109කට නිදහස ලැබේ




මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් නීති විරෝධීව ධීවර කටයුතු වල යෙදී සිටියදී අත්අඩංගුවට පත්වූ ඉන්දීය ධීවරයින් 109 දෙනෙකු අද යළිත් ඉන්දියාවට භාර දී තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙකුද අද (20) දිනයේදී මෙරටට භාර දුන් බවයි.

මේ සඳහා ප්‍රහාරක මුර යාත්‍රා තුනක් සහ වේග ප්‍රහාරක යාත්‍රාවක්ද යොදා ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

මෙරටට භාරදුන් ලාංකික ධීවරයින් පිරිස යාපනය සහකාර ධීවර අධ්‍යක‍්ෂවරයා වෙත භාර දී තිබෙනවා.