Friday, October 18, 2024

General line - 0115112241

ටැබ් දෙන්න ගිය සල්ලි මේවට දෙන්නලු

නිශාන් ද සිල්වා




උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට වෙන් කළ මුදලින් කොටසක් ගුරුවරුන්ගේ සංවර්ධනය වෙනුවෙන් යෙදවිය යුතු බව අධ්‍යාපනඥයින් පවසනවා.

දැනට කි‍්‍රයාත්මක ගුරු පුහුණුවද නිසි ලෙස සිදු නොවෙන බවයි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ලක්‍ෂ්මන් ජයතිලක නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

ළමුන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට ගුරුවරුන්ට අවශ්‍ය ප‍්‍රතිලාභද ලබාදිය යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

උසස් පෙළ සිසුන් එක් ලක්‍ෂ හැත්තෑ දහසකට සහ ගුරුවරුන් තිස් දහසකට ටැබ් පරිගණක ලබදීමට 2017 අයවැයෙන් රුපියල් බිලියන 5 ක් වෙන් කෙරුණා. එම ව්‍යාපෘතිය පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අත්හිටවනු ලබුවා. ඒ, එම මුදල් පාසල් සංවර්ධනය සඳහා යෙදවීම යෝග්‍ය බව පවසමින්.