Friday, October 25, 2024

General line - 0115112241

විශ්වාසභංගයට විරුද්ධ වීම අපහසුයි!

මේනකා රත්නායක




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධ වීම අපහසු බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. අද (27) ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

"අපි හිතපු කාරණා, කිව්ව කාරණා තමයි මේකේ තියෙන්නේ. අපිට මේකට විරුද්ධ වෙන්න අමාරුයි. අපේ කිහිප දෙනෙකුත් මේකට දැනටත් අත්සන් කරලයි තියෙන්නේ. මේක පක්ෂයේ නිල මතය නෙවෛයි. හැබැයි ආන්ඩුවේ පිරිසක් ඡන්දය නොදී මේක ජයගන්න බැහැ. අපි ජනාධිපති තුමා එක්ක දිගින් දිගටම සාකච්ඡා කළා. තවදුරටත් සාකච්ඡා කරල එකඟතාවයකට එනව. ඊට පස්සේ පක්ෂයේ ස්ථාවරය කියන්නම්. ඒ ස්ථාවරයට එකඟ නැති අයට වෙනත් තීන්දුවක් ගන්නත් පුලුවන්."