Friday, October 25, 2024

General line - 0115112241

කෝටියකට අධික විදෙස් මුදල් සමග චීන ජාතියෙකු කටුනායකදී අත්අඩංගුවට

ටි.කේ.ජි. කපිල




රුපියල් එක්කෝටි තිස් පන් ලක්ෂයක් පමණ වටිනා විදෙස් මුදල් තොගයක් සමග චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. අමෙරිකානු ඩොලර් 74,300ක් යුරෝ 8,400ක් සහ ස්ටර්ලින් පවුම් 350ක් සැකකරු සතුව තිබී සොයා ගැනුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඔහුගේ් ගමන් මල්ලේ තිබී මැණික් ගල් 50ක්ද සොයා ගෙන තිඛෙනවා. අද පස්වරු 06ට කටුනායක සිට ඩුබායි බලා ගමන් ආරම්භ කළ යූ එල් 225 දරණ යානයෙන් සැකකාර චීන ජාතිකයා ඩුබායි බලා පිටත්ව යාමටයි උත්සහ දරා ඇත්තේ. සැකකරු මීගමුව ප්‍රදේශයේ හෝටල් හිමියෙකු බවද අනාවරණ වී තිඛෙනවා.