Friday, October 25, 2024

General line - 0115112241

කෘෂිකර්මයේ වෙනසක් කරන්න ලොකු පුටුවල වෙනසක්




කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන 07 න් 03 කට නව සභාපතිවරු පත්කිරීම කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර විසින් නිර්දේශකර තිබෙනවා.

ඒ අනුව ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති වශයෙන් ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතීඥ උපාලි මොහොට්ටි, සීමාසහිත ලංකා පොහොර සමාගමේ සභාපති වශයෙන් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අමරනාත් අබේගුණසේකර සහ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති වශයෙන් ලංකා ධීවර සංස්ථාව හා සීනෝර් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ජගත් පෙරේරා පත්කර තිබෙනවා.

ඉදිරි දින දෙක තුළ කෘෂිකර්ම හා ගොවිජන සේවා මණ්ඩලය, සීමාසහිත පොස්පේට් ලිමිටඩ්, වී අළෙවි මණ්ඩලය සහ හදබිම අධිකාරිය යන ආයතන සඳහා ද සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවා.