Friday, October 25, 2024

General line - 0115112241

"එකවරම ගිනි බෝලයක් පාත් වුණා" - අකුණක් වැඳුණු පියා සහ පුතා මවත් ඔසවාගෙන උදව් ඉල්ලා ඇවිත්

අශෝක එරමිනිගම්මන / කාංචන ආරියදාස




හබරන පලුගස් වැව ප්‍රදේශයේ හේනක ගසක් උඩ ඉදිකර තිබු පැලක සිටි අඹු-සැමි යුවලකට හා ඔවුන්ගේ දස හැවිරිදි පිරිමි දරුවාට ඊයේ (14) දින පස්වරුවේ අකුණු සැර වැදී තිබෙනවා.

එහිදී අදාළ කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

බරපතල තත්ත්වයේ පසුවූ දරුවා සහ පියා රාත්‍රී 7.00 ට පමණ අසල්වාසීන් විසින් හබරණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල මුලික රෝහලට මරුකර යවා තිබෙනවා.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දෙදරු මවක වන පී. සෝමාවතී (44 ) නැමැති අයයි. සුනිල වීරසිංහ (41 ) සහ ජනිත් සත්සර (10 ) යන දෙදෙනා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

තම නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ගොවිපොළේ මියගිය තම බිරිඳ මෑ කරල් කඩමින්ද, දස හැවිරිදි පුතා බණ්ඩක්කා කපමින්ද සිටි බවත් තමා ලොකු ළුණු තවානට සාත්තු කරමින් සිටියදී හදිසියේ ගිගුරුම් සහිත වැසි පතිත්විම නිසා තිදෙනාම හේනේ පැළට ගොඩවී වැස්ස පායනතුරු එහි රැඳී සිටි බවයි සිද්ධියට මුහුණ දුන් සුනිල් වීරසිංහ පවසා සිටියේ.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, 

"වේලාව හවස 4.00 ට විතර ඇති. හේනේ පැලේ මැස්ස මත අපි තුන්දෙනා වැඩිවෙලා හිටියේ. එකවරම ගිනි බෝලයක් වගේ දෙයක් පැළෑට එනවා වගේ පෙනුනා. එච්චරයි.. මතක. ටික වෙලාවකින් පියවි සිහිය විත් බලන විට බිරිඳ හා දරුවා පැළ මත වැටි සිටියා. මට නැඟිට ගන්න බැරිව තිබුනා. උපකාර ඉල්ලා මහ හඬින් කෑ ගැසුවා. තදින් වැසි පතිතවීම නිසා කාටවත් ඇහෙන්න නැතිව ඇති. ටික වේලාවකින් පුතාටද සිහිය ආවා. බිරිඳට සිහිය තිබුනේ නැහැ. ඇයගේ මුහුණේ සිට ශරීරයේ එක් පැත්තක් පිලිස්සී තිබුනා. වර්ෂාව අඩුවුණාට පසු  පුතාත් මාත් වැර යොදා බිරිඳව පැලෙන් බිමට ගෙනාවා. පස්සේ.. වැටි වැටි මිනිස්සු ඉන්න කිට්ටුවට ඇවිල්ලා යලි කෑ ගැසුවා. මාගේ එක් කකුලක් අකුණු පහරින් පසු අප්‍රානික වෙලා." යනුවෙන් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.