Friday, October 25, 2024

General line - 0115112241

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට අධිකරණයෙන් නියෝගයක්

අධිකරණ වාර්තාකරු




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවක් අද (15) කොළඹ වාණිජ මහාධිකරනයේ දී කැඳවනු ලැබුවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට යොදා ගත් ලංගම බස්රථ වෙනුවෙන් රුපියල් මිලියන 142 කට ආසන්න මුදලක් නැවත අය කර ගැනීම සඳහා ලංකා ගමනා මණ්ඩලය විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

එහිදී මෙම නඩුවට අදාළ උත්තර ඉදිරිපත් කරන ලෙසට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්වයන් පහකට අධිකරණය නියෝග කළා.

ඒ අනුව මෙම නඩුවට අදාළව උත්තර ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් වගඋත්තරකාර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්වයන් පහකට ජූලි මස 04 වැනි දා තෙක් කල් ලබා දුන්නා. 

ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් ගොනු කල මෙම නඩුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ගාමිණී සෙනරත්, අමල් සේනාධිලංකාර, එක්සත් ජනතා නිදහස් සංධානය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇතුලු පාර්ශ්වයන් පහක් විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.